Tuesday, June 14, 2022
HomeSri Lanka Newsඖෂධ අධි­කා­රියේ කෝටි 200ක වංචා­වක්

ඖෂධ අධි­කා­රියේ කෝටි 200ක වංචා­වක්


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුව ඇති රුපියල් මිලියන 2,000ක ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් දැන් ආරම්භ කර තිබේ. වසර 2015 සිදුව ඇති මේ වංචාව සම්බන්ධයෙන් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමීප සබඳතාවයක් හේතුවෙන් මේ දක්වා අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කර නැත.

ඖෂධ සැපයීමේදී ප්‍රමිතිගතව ඇත්දැයි පරීක්ෂා කර ගෙන්වීමට සාමාන්‍යයෙන් දින 300ක කාලයක් ගත වන නමුත් 2015 වසරේදී රුසියාවේ නිෂ්පාදිත ට්‍රැක්සුලේන් නම් ඖෂධය එරට පුද්ගලයන් 14 දෙනකු උදෙසා පමණක් පරීක්ෂා කර මෙරටට ලබා දීමෙන් පසු දෙදිනක් ඇතුළත එය මෙරටට ගෙන්වා රෝගීන්ට සැපයීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේ.

එමෙන්ම ෆාමේස් නම් ආයතනය විසින් මේ ඇණවුම සිදු කර ඇති අතර අදාළ ආයතනය අධ්‍යක්ෂ මණ්ඩලයේ හිතවතකුගේ සබඳතාවයක් ඇති නිසා මෙසේ නිරවද්‍ය නොවන අනුමැතියක් ලබා දී ඇති බවත් පසුව ඒ පිළිබඳ කරන ලද පරීක්ෂණයකදී හෙළි වී තිබේ. කෝප් කමිටුවට ඉදිරියේදී මෙම සිදුවීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරනු ඇතැයි දැන ගන්නට ඇත.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments